සිංහල (Sinhala)

සිංහල කතා කරන පුද්ගලයන් සඳහා වන පිළිකා සම්බන්ධ තොරතුරු හා උපකාර   

 

පිළිකා ඔබට හා ඔබේ පවුලේ අයට අසීරු අවස්ථාවක් විය හැකිය. එහෙත් ඔබ තනිවී නැත. ඔබට උපකාර කිරීමට අපි සිටින්නෙමු.  

පිළිකා සම්බන්ධ ගැටලු, එය වළක්වා ගැනීම, ප්‍රතිකාර හා උපකාර සේවා සම්බන්ධයෙන් පවුලේ අය, හිතමිතුරන් හා සාත්තුකරුවන් ඇතුළු ඕනෑම කෙනෙකුට අප ඇමතිය හැකිය.  

ඔබට උපකාර කිරීම සඳහා Cancer Council Victoria සතුව නොමිලේ සැපයෙන උපකාර සේවා බොහෝ ගණනක් ඇත. එසේම වික්ටෝරියාව පුරා ඕනෑම ස්ථානයක ඇති ඔබට ගැළපෙන අනෙකුත් උපකාර සේවා සමග ඔබ සම්බන්ධ කිරීමට ද අපට උදව් කළ හැකිය. සේවා ඇත්තේ කොතැනදැයි ඔබ දැන නොසිටීම ප්‍රශ්නයක් නොවේ. උපකාර කිරීමට කළ හැකි දේ අපට යෝජනා කළ හැකිය.   

අපට පහත දැක්වෙන දේවල් සම්බන්ධයෙන් උපකාර සැපයිය හැකිය 

 

සිංහල භාෂවෙන් වන උපකාර  

පිටුවේ ඉහළ දකුණු කෙළවර ඇති ප්‍රවේශය සපයන මෙවලම්තීරුව භාවිත කර ඔබේ භාෂාව තෝරා ගනිමින් ඔබේ වෙබ් අඩවිය වෙතින් බොහෝ ප්‍රජා භාෂාවලින් සැපයෙන පරිවර්තන ඔබට කියවිමට හෝ ඇසීමට හැකිය. මෙම මෙවලම්තීරුව දෘශ්‍ය හෝ ශ්‍රවණ ආබාධ ඇති පුද්ගලයන්ට මෙන් ම ඉගෙනීමේ දුබලතා ඇති පුද්ගලයන්ට ද උපකාරී වේ.  

පහත වගුවේ වන අපගේ සම්පත් පිළිබඳව NAATI ආයතනය විසින් පිළිගත් පරිවර්තනය ද අප සපයා ඇත. 

සිංහලෙන් අප අමතන්න 

පහත දැක්වෙන ආකාරවලට අප අමතන්න 

  • සමාජ මාධ්‍ය ඔස්සේ අපට පණිවුඩ එවීමෙන්  

  • ඊමේල් පණිවුඩ එවීමෙන්  

  • දුරකථන ඔස්සේ අප ඇමතීමෙන්. 

පවුලේ අය හා හිතමිතුරන් ඇතුළු ඕනෑම කෙනෙකුට අප ඇමතිය හැකිය. එය නොමිලේ සැපයෙන අතර රහසිගත වේ.  

ඉංග්‍රීසියෙන් කතා කිරීමට 13 11 20 අමතන්න.  

භාෂණ පරිවර්තකයෙකු භාවිත කරමින් සිංහලෙන් අප සම්බන්ධ කර ගැනීමට 13 14 50 අමතන්න.  

ඔබ අප අමතන විට, ඔබේ අවශ්‍ය භාෂාවේ නම පවසන්න, ඉන්පසු 13 11 20 ඔස්සේ  Cancer Council අමතන ලෙස භාෂණ පරිවර්තකයාගෙන් ඉල්ලා සිටින්න.  

අපට වෛද්‍ය උපදෙස් සැපයීමට හැකියාවක් නැත.  

පිළිකා තොරතුරු හා සම්පත්   (Cancer Information and Resources)

පහත දැක්වෙන තොරතුරු සුදුසකම් ලත් NAATI පරිවර්තකයන් විසින් වෘත්තීයමය වශයෙන් පරිවර්තනය කර තිබේ. මෙම සබැඳි ඔබේ පවුලේ අය හා හිතමිතුරන් සමග බෙදා ගැනීමට නොපැකිලෙන්න.   

ඔබ සොයන තොරතුරු මෙතැන නැත්නම්, උපකාර සඳහා අප අමතන්න  

ඔබට සරල භාෂාවෙන් වන සම්පත් බාගත කිරීම හෝ   Easy Read සිදු කළ හැකිය. මේවා අබධිතතාවක් සහිත පුද්ගලයන්, වියපත් පුද්ගලයන් හෝ සාක්ෂරතා උපකාර අවශ්‍ය පුද්ගලයන් සඳහා සුදුසු වේ.     

සිංහල

English equivalents 

පිළිකාා රෝගීන් හාා රැකවරණ සපයන්නන් වෙනුවෙන් telehealth Telehealth for cancer patients and carers
Your COVID-19 Action Plan - Sinhala Your COVID-19 Action Plan - English
The following support services may assist you (Sinhala) The following support services may assist you
රෝහල්වල රෝගීන් බැැලීම සම්බන්ධයෙන් වන සීමාාපැැනවීම Hospital visitor restrictions